
ජනපති සහ China Harbour නියෝජිතයින් අතර විශේෂ හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ China Harbour Engineering Company හි සභාපති Bai Yinzhan මහතා ඇතුළු නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික පරිසරය සහ රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය හේතුවෙන් මෙරට ආයෝජන අවස්ථා පිළිබඳව තම සමාගමට ඉහළ විශ්වාසයක් පවතින බව China Harbour සභාපති Bai Yinzhan මහතා මෙහිදී ප්‍රකාශ කළේය. වරාය නගර විශේෂ ආර්ථික කලාපය සඳහා ලබාදී ඇති දිරිගැන්වීම් ද ඔහුගේ ඇගයීමට ලක්ව තිබේ.
රටේ ආර්ථික සංවර්ධනය සඳහා සෘජු විදේශ ආයෝජන අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය සූදානම් බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා මත රජය ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරන බවද ඔහු පැවසීය.
එමෙන්ම, වරාය නගර කලාපය දියුණු ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැලසීම සඳහා China Harbour සමාගම ලබාදුන් සහාය පිළිබඳව ද ඔහුගේ කෘතවේදීත්වය මෙහිදී පළ විය.




