ප්‍රධාන පුවත්

ජුනි මාසයෙන් පසු ඉන්ධන සහනාධාරය අවසන් කිරීමට සැලසුම්

ඉන්ධන සඳහා රජය ලබාදෙන සහනාධාර ක්‍රමවේදය ජුනි මාසය අවසන් වන විට නතර කිරීමට නියමිත බව ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ අනාවරණය කර තිබේ.

කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඔවුන් සඳහන් කළේ, ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බවයි.

මේ අතර, ඉන්ධන භාවිතය අවම කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැයි මාසයේදී ප්‍රකාශ කර තිබුණි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඩීසල් සැපයුම සඳහා රජය විශාල මූල්‍ය බරක් දරමින් සිටින බවත්, දැනට ක්‍රියාත්මක සහනාධාර ක්‍රමය දිගුකාලීනව පවත්වාගෙන යාම අභියෝගාත්මක බවත් එහිදී අවධාරණය කර තිබුණි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button