ප්‍රධාන පුවත්

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

පවතින අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. අද (10) උදෑසන වන විට එම ජලාශ දෙකම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ජලාශභාර ඉංජිනේරුවරු සඳහන් කළහ.

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 1.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ගත වූ පැය 24 තුළ එම ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට මිලිමීටර් 25ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමට අඩි 3.4ක් දක්වා ළඟා වී ඇති අතර, එම ජලාශයට ගත වූ පැය 24 තුළ මිලිමීටර් 29ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ඉංජිනේරුවරු පැවසූහ.

ජලාශ දෙකෙහිම ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජලාශ ආශ්‍රිත විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදුකරන බව සඳහන් වේ.

මේ අතර, ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් වාන් දොරටු විවෘත කිරීමට ආසන්න තත්ත්වයක් පවතින බැවින් මස්කෙළි ඔය දෙපස පදිංචිකරුවන්ට අවධානයෙන් පසුවන ලෙස විදුලි බලාගාර මගින් දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button