ප්‍රධාන පුවත්

ග්‍රාම නිලධාරීන් අද ලෙඩ නිවාඩු

ගමන් වියදම් දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද (10) සහ හෙට (11) අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ග්‍රාම නිලධාරීන්ට ලබාදෙන රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර 8ක කාලයක් තුළ කිසිදු වැඩි කිරීමකට ලක්කර නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර, අදාළ දීමනාව වෙනුවට ඉන්ධන ලීටර් 20කට සමාන දීමනාවක් ලබාදීමට 2024 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණද, එය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බව සඳහන් වේ.

එම තීරණය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව නන්දන රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ග්‍රාම නිලධාරීන්ගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button