
උසස් පෙළ විභාගය අද සිට
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (10) ආරම්භ වන අතර සැප්තැම්බර් 05 වැනිදා දක්වා එය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට නියමිතය.
මෙවර උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර, එම සංඛ්‍යාවට පාසල් අයදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814ක් ඇතුළත් වේ.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කර ඇත්තේ විභාගය ආරම්භ වීමට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් අදාළ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ සිටිය යුතු බවය.
ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන්, බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
විභාග නීති රීති නිසි ලෙස පිළිපදිමින් විභාග වංචාවලින් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරිය අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. පසුගිය වසරවල විභාග වංචා හේතුවෙන් සිසුන් රැසකගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදුවූ බවද ඇය පෙන්වා දී තිබේ.
හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.



