ප්‍රධාන පුවත්

කාන්තාවන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ නීති සංශෝධනය සම්මතයි

කාන්තාවන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධ නීති තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවා විවාදයට ගැනීමෙන් අනතුරුව මෙලෙස සම්මත කර ඇත.

1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ සිදුකරන වැරදි සඳහා දැනට පවතින දඩ මුදල් සංශෝධනය කිරීම මෙමගින් යෝජනා කර තිබේ.

ඒ අනුව, දැනට රුපියල් 10,000ක් වන දඩ මුදල රුපියල් 100,000ක් දක්වා ඉහළ නැංවීමට අදාළ සංශෝධන මගින් පියවර ගෙන ඇත.

වයස අවුරුදු 16ට අඩු ළමුන් කිසිදු සේවයක යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, වයස අවුරුදු 16 ඉක්මවා අවුරුදු 18ට අඩු තරුණයින් සේවයේ යෙදවීමේදී සේවා යෝජකයන් අනුගමනය කළ යුතු විශේෂ රෙගුලාසි සහ කොන්දේසි ද පනවා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button