
සංචාරක පැමිණීම ලක්ෂ 15 ඉක්මවයි
සංචාරක පැමිණීම මේ වසරේ සැප්තැම්බර් 06 වනදා දක්වා කාලය තුළ ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත අනුව, ජනවාරි 01 සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,567,007ක් ලෙස සටහන් වී ඇත.
එමෙන්ම සැප්තැම්බර් 01 සිට 06 දක්වා දින හයක කාලය තුළ පමණක් විදෙස් සංචාරකයින් 31,885 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.
වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 395,377ක් වේ.
එක්සත් රාජධානියෙන් සංචාරකයින් 152,625ක් සහ චීනයෙන් 102,473ක් මෙරටට පැමිණ ඇති අතර, ජර්මනියෙන් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 91,763ක් ලෙස දැක්වේ.
මේ අතර සැප්තැම්බර් මාසයේ මුල් දින හය තුළදීත් වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 9,897ක් බව සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.



