
වසරේ සංචාරක පැමිණීම මිලියනය පනී
2026 වසර ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවට අනුව ජනවාරි 01 සිට මැයි 28 දක්වා කාලය තුළ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,010,807ක් ලෙස සටහන් වී තිබේ.
මැයි මාසයේ මේ දක්වා පමණක් සංචාරකයින් 134,530ක් මෙරටට පැමිණ ඇති අතර, ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වී ඇත. එම සංඛ්‍යාව 56,063කි.
එක්සත් රාජධානියෙන් සංචාරකයින් 8,582ක් සහ චීනයෙන් සංචාරකයින් 8,439ක් මැයි මාසයේදී මෙරටට පැමිණ තිබේ.
එසේම වසරේ මේ දක්වා සමස්ත සංචාරක පැමිණීම් අතරින්ද ඉන්දියාව ප්රමුඛ ස්ථානයේ පසුවන අතර එරටින් සංචාරකයින් 245,981ක් මෙරටට පැමිණ ඇත.
ඊට අමතරව එක්සත් රාජධානියෙන් 97,427ක් සහ රුසියාවෙන් 75,963ක් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව වාර්තාවේ දැක්වේ.
මේ අතර 2026 වසර තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 277,327කි.
කෙසේ වෙතත් පෙබරවාරි මාසයෙන් පසු සංචාරක පැමිණීම් සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ යමින් ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.



