අධ්‍යාපන

ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග සඳහා ආපදා දැනුම්දීමට දුරකථන අංක 5ක්

ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ කඩිනමින් දැනුම්දීම සඳහා විභාග ආපදා දුරකථන අංක 5ක් හඳුන්වා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ අදාළ රාජ්‍ය ආයතනවල අඛණ්ඩ සහයෝගය ඇතිව විභාග කාලය පුරා විශේෂ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

“ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කරලා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. විභාගයට පෙරත් අවසන් වී පසු දිනයේදීත් මෙම සැලැස්ම ක්‍රියාත්මකයි. යම්කිසි ආපදා තත්ත්වයක් ඇතුවුවහොත් දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා අවශ්‍ය පරිදි පහසුකම් සලසා දීමට, ප්‍රශ්නපත්‍ර ප්‍රවාහනයේදී මෙන්ම නිලධාරීන්ට රාජකාරි කටයුතු සිදුකිරීමට සැලසුම් සකස් කරලා තියෙන්නේ. නව දුරකථන අංක 5ක් ලබා දෙනවා විභාග දිනයට පෙර දිනයේ දී. එමෙන්ම 117 දුරකථන අංකය විවෘතයි. තාක්ෂණිත වාර්ථාවන් පැය 6න් 6යට හෝ 3න් 3ට ලබා දීමට නියමිතයි. ත්‍රිවිධ හමුදාව පොලීසිය එකතුව අඛණ්ඩව වැඩකටයුතු කිරීමට නියමිතයි.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button