ප්‍රධාන පුවත්

වී මිලදී ගැනීම අඛණ්ඩව – වී ටොන් 19,592ක් මේ වනවිට මිලදී අරන්

යල කන්නයේ වී මිලදී ගැනීම අඛණ්ඩව සිදුකරමින් සිටින බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ ජූලි මාසයේ සිට මේ දක්වා කාලය තුළ වී ටොන් 19,592ක් මිලදී ගෙන ඇති බවයි.

අස්වනු නෙළීම සිදුවන ප්‍රදේශවල අවශ්‍යතාව අනුව තවත් වී ගබඩා විවෘත කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය. මේ වනවිට දිවයින පුරා ගබඩා 100කට වැඩි සංඛ්‍යාවක් විවෘත කර ඇති බවද සඳහන් කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු ගබඩා මෙතෙක් විවෘත කර නොමැති අතර, දැනට ක්‍රියාත්මක කර ඇත්තේ සීමිත ගබඩා ප්‍රමාණයක් පමණක් බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

අස්වනු නෙළීම වේගවත් වන ඉදිරි දිනවලදී පොළොන්නරුව ඇතුළු අනෙකුත් ප්‍රදේශවල ගබඩාද අදියරෙන් අදියර විවෘත කිරීමට සැලසුම් කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button