
උණුසුම් පුවත්
හිටපු බුද්ධශාසන ලේකම් අත්අඩංගුවට
හිටපු බුද්ධශාසන ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බුද්ධශාසන අමාත්‍යාංශය මගින් “දැහැමි නිවහනයි අපේකම රැඳි හෙට දිනයි” යනුවෙන් පොත් මුද්‍රණය කිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
අදාළ චෝදනා අනුව, සැකකරු විසින් සිය හිතවත් ආයතනයක් වෙත අවස්ථා තුනකදී රුපියල් 4,790,000ක මුදලකට පොත් මුද්‍රණය කිරීමේ කටයුතු භාරදී ඇති බව සඳහන් වේ.
එම පොත් තොගය ගබඩාවට ලබා නොගෙන ඒ සඳහා ගෙවීම් සිදුකිරීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුව ඇති බවත්, හිතවත් ආයතනයකට අනිසි වාසියක් ලබාදීමෙන් දූෂණය නැමැති වරද සිදුකර ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගත් හිටපු බුද්ධශාසන ලේකම්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



