
උණුසුම් පුවත්
ශ්රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය ප්රකාශයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා ජාතික සංචිතය අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය වෙත නිල වශයෙන් ඉදිරිපත් කර ඇත.
ක්රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය දසුන් ශානක වෙත පවරා ඇති බව වාර්තා වේ.
එංගලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියට එක් නොවූ කුසල් ජනිත් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් මෙවර සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂ කරුණක් වේ.
මේ අතර ධනංජය ද සිල්වා මෙම සංචිතයෙන් ඉවත් කිරීමට ද තීරණය කර ඇති බව සඳහන් වේ.
මෙම ලෝක කුසලාන සංචිතයට දසුන් ශානක, පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ එෂාන් මාලිංග ඇතුළත් වේ.




