සෞඛ්‍යය

ඩෙංගු මරණ 53ක් දක්වා ඉහළට – පැය 24ට මරණ 3ක්

ඩෙංගු මරණ 53ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලින් අනාවරණය වී තිබේ. ගතවූ පැය 24 තුළ පමණක් තවත් පුද්ගලයින් තිදෙනෙකු ඩෙංගු රෝගය හේතුවෙන් මියගොස් ඇති බව එම වාර්තාව සඳහන් කරයි.

එම දත්ත අනුව, 2026 වසරේ මේ දක්වා ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 75,000ට ආසන්න වී ඇති අතර, ඊයේ (17) වනවිට සමස්ත රෝගීන් සංඛ්‍යාව 74,478ක් ලෙස වාර්තා වී ඇත.

ජූලි මාසයේ ගෙවුණු දින 17ක කාලය තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 19,100ක් හඳුනාගෙන ඇති අතර, රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින බව ද වාර්තාවෙන් පෙන්වා දෙයි.

ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාව තවමත් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එහි ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 15,596ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button