ප්‍රධාන පුවත්

සියදිවි නසාගැනීම් ගැන නාමල් කරුණාරත්නගෙ ප්‍රකාශය

නාමල් කරුණාරත්නගෙ ප්‍රකාශය අනුව, විපක්ෂයේ පිරිසක් මේ වනවිටත් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙමින් සිටින අතර ඉදිරියේදී සියදිවි නසාගැනීම් වැනි සිදුවීම්ද වාර්තා විය හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

බිංගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය. එහිදී හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු අදහස් පළ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා,

“පසුගිය දවස්වල සියදිවි නසාගැනීම් කිහිපයක් වුණා.

කෙනෙක් සියදිවි නසාගත්තා. එයාගේම අත්අකුරින් අධිකරණයට, අල්ලස් කොමිසමට ලියුම් දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමාට වාර කිහිපයකදී…කාල්ටන් නිවසේදී මං පගාව මෙච්චර දුන්නා කියලා.

එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්‍රියංකර ජයරත්න ඇමතිට පගාව මෙච්චර දුන්නා කියලා…එයා සියදිවි නසාගත්තා.

පොලිස්පති කෙනෙකුත් දැන් සියදිවි නසාගත්තාලු. තව තව කීදෙනෙකුට සියදිවි නසාගන්න වෙයිද මම දන්නෑ.

විපක්ෂයේ ඉන්න අයගෙන් අති බහුතරයක් ඇප පිට ඉන්නේ, නඩු පිට නඩු.

මහින්දානන්ද අවුරුදු 20කට හිරේ, ඔය එකකට විතරයි. හිටපු වෙළෙඳ ඇමති අවුරුදු 25කට හිරේ. ඔය එකකට විතරයි. සරණ ගුණවර්ධන අවුරුදු 16කට හිරේ, ඔය එකකට විතරයි. තව පෝලිමක් තියෙනවා.

රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් පුළුවන්නම් කියන්න. එකක් නෙමෙයි නඩු පෝලිමක්.

ඔය තත්ත්වය තුළ ගොඩක් අයට හිරේ යන්න වෙනවා. ඊට කලින් සමහරවිට සිය දිවි නසාගැනීමේ වෙන්නත් පුළුවන්.

මේ පොලිස්පතිගේ සියදිවි නසාගැනීම කුමක් අරඹයා සිදුවූවාදැයි අපට නිශ්චිතව කියන්න අමාරුයි” යනුවෙන් පැවසීය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button