
වෙළඳ ගිවිසුමකට ට්‍රම්ප්ගේ එකඟත්වය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමකට එකඟ වූ බව පවසයි.
දුරකථන සාකච්ඡාවකින් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග පැවති මෙම එකඟතාවට පැමිණි බව අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් පනවා තිබූ සියයට 25ක තීරු බද්ද සියයට 18 දක්වා අඩුකිරීමට තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම් නතර කිරීමෙන් පසු මෙලෙස බදු අඩුකිරීමට ට්‍රම්ප් රජය සිය කැමැත්ත පළ කර ඇති බවයි.
එක්සත් ජනපදය සමඟ ගිවිසුමකට එළැඹීම ගැන තමා සතුටින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිය සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇති බවට සඳහන් වේ.
වසර විස්සකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව ඉන්දියාව, යුරෝපා සංගමය සමග ද පසුගියදා වෙළඳ ගිවිසුමකට එළැඹුණි.



