ප්‍රධාන පුවත්

මන්නාරමදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුමේදී අදාළ යාත්‍රාව තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ. යාත්‍රාව පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය බවට සැකකරන උර දෙකක් සොයාගෙන ඇති බවද සඳහන් වේ.

සැකිත ඩිංගි යාත්‍රාව සහ අත්අඩංගුවට ගත් පුද්ගලයින් මේ වනවිට වැඩිදුර විමර්ශන සඳහා ගොඩබිම වෙත රැගෙන එමින් ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් දැනුම් දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button