ප්‍රධාන පුවත්

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැකීමට ගිය විපක්ෂ නායක

සමාජ මාධ්‍ය හරහා විවිධ මඩ ප්‍රහාර එල්ල වුවද, ගමන නිවැරදි නම් ඉවසීමෙන් ඉදිරියට යා යුතු බවත් අවසානයේ සත්‍ය ජයගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ නාරාහේන්පිට පිහිටි අභයාරාමය විහාරස්ථානයේදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හිමියන් හමුවූ අවස්ථාවේදීය.

තමා දැඩිව විශ්වාස කරන්නේ සත්‍යය අවසානයේ ජයගන්නා බව බවත්, අතීතයේදී රනසිංහ ප්‍රේමදාස  මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙනී සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. තමා චීවරයටත් මහා සංඝරත්නයටත් සියලු ආගමික නායකයන්ටත් ගරු කරන බවත් එම ගෞරවය කිසිවිටෙකත් වෙනස් නොවන බවත් ඔහු අවධාරණය කළේය.

ICCPR ප්‍රඥප්තිය යටතේ ආගමික නායකයන් හා ආගම් කේන්ද්‍ර කරගනිමින් වෛරය පතුරවන ප්‍රකාශ වළක්වා තිබුණද, රටේ සාමය හා එකමුතුව ආරක්ෂා කිරීමේ වැඩිම වගකීම ජනාධිපතිවරයා සතු බවද විපක්ෂ නායකවරයා පැවසීය.

තවද, සියලු ආගම්, ජන කොට්ඨාස හා දේශපාලන පක්ෂ නියෝජනය වන කවුන්සිලයක් ස්ථාපිත කර එම වේදිකාව හරහා ඇතිවන ගැටලු සාකච්ඡා කළ යුතු බවත්, ජාතිවාදය, ආගම්වාදය හෝ වර්ගවාදය වර්ධනය වීමට කිසිදු අවකාශයක් නොදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයේ සඳහන් පරිදි බුදු සසුනට ප්‍රමුඛත්වය ලබා දීමත්, එමෙන්ම අනෙකුත් ආගම් හා ජාතිකයන් ආරක්ෂා කිරීමත් රජයේ වගකීමක් බවත්, එම වගකීම් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද ඔහු අවධානය යොමු කළේය. මහා සංඝරත්නයට අපහාස කිරීමට නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් තමන් හඬ නැගූ බවත් ඔහු පැවසීය.

එම අවස්ථාවේ අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දුන්නේ වත්මන් පාලනය යටතේ භික්ෂූන් වහන්සේලාට ගැරහීම් සිදුවන බවයි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ දුරස්ථ ප්‍රදේශවල ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ධර්ම ශාලා ඉදිකළ බවත්, වර්තමානයේ එවැනි වැඩසටහන් ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button