සෞඛ්‍යය

වෙසක් හා පොසොන් දන්සැල් සඳහා ආහාර සුරක්ෂිතතා මාර්ගෝපදේශ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව උපදෙස්

වෙසක් සහ පොසොන් පොහොය අවස්ථාවන්ට සමගාමීව දිවයින පුරා සංවිධානය වන දන්සැල් සඳහා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

ඒ අනුව, දන්සැල් පවත්වාගෙන යාමට පෙර ඒවා අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. එහිදී දන්සැල පැවැත්වෙන ස්ථානය, සංවිධායකයින්ගේ නාම-ලිපිනය හා දුරකථන අංක වැනි මූලික තොරතුරු ඇතුළත් කළ යුතුය.

දන්සැල් සංවිධායකයින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන ක්‍රියාත්මක විය යුතු බවත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් 2011 ආහාර ස්වස්ථතා රෙගුලාසිවලට අනුකූලව දන්සැල් පරීක්ෂා කළ යුතු බවත් එම මාර්ගෝපදේශ වල සඳහන් වේ.

දන්සැල ආරම්භ කිරීමට පෙරත් අවසන් කිරීමෙන් පසුවත් ස්ථානය සෞඛ්‍යාරක්ෂිත බව සහ පරිසරයට හානිකර නොවන බව තහවුරු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය කර ඇත.

එසේම, ආරම්භයේ සිට අවසානය දක්වා නිසි කසළ කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වන අතර, ආහාර සකස් කිරීම සහ පරිභෝජනය සඳහා හැකි සෑම විටම ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් ලබාගන්නා ජලය භාවිතා කිරීම ප්‍රමුඛ කර ඇත. එය නොහැකි අවස්ථාවලදී ආරක්ෂිත වෙනත් ජල මූලාශ්‍ර භාවිතා කළ යුතුය.

දන්සැල් පරිශ්‍රය තුළ ආහාර භුක්ති විඳින පුද්ගලයින් සඳහා අත් සෝදන පහසුකම් සහ අත් පිරිසිදුකාරක ලබාදීමත් අනිවාර්ය කර ඇත.

ඊට අමතරව, ආහාර පිළියෙල කිරීමෙන් පසු එය පරිභෝජනයට ලබාදීම අතර කාලය පැය 4කට නොවැඩි විය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button