ප්‍රධාන පුවත්

මැයි අග සිට නව වාහන අංක තහඩු නිකුත් කිරීමට සැලසුම් – හිමිකරුගේ නම සහිත තහඩුත් ඉදිරියේදී

නව වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අවසන් භාගයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කරුණු අනාවරණය වූයේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවා තිබූ අවස්ථාවේදීය.

එමෙන්ම, වාහන හිමිකරුගේ නම ඇතුළත් කරමින් විශේෂ ලියාපදිංචි අංක තහඩු ලබාදීමේ නව ක්‍රමවේදයක්ද ඉක්මනින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,
“ඉස්සර පළාත ගහලා තිබුණා.. දැන් ඉවත් කරලා”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් – ප්‍රියන්තා දිසානායක,
“යුද්ධය කාලයේ ඇතිවෙලා තිබුණු ප්‍රශ්න නිසා ඒ වාහනය කොහාට අයිති එකක්ද කියලා හඳුනගන්න Frequency ID එකකුත් එක්ක තමයි ඒක දාලා තිබුණේ. නමුත් ඒ Frequency ID එක රීඩ් කරන්න ඒ වෙනකොට පොලිසියේ රීඩස් තිබුණේ නැහැ. ඒ නිසා අයින් කරන්න තීරණය කළා. දැන් එහෙම අවශ්‍යතාවයක් නෑ කියලා තමයි කියන්නේ.”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,
“ඩඩ්ලි මහත්තයා මාත් එකක් තරහා වෙන එකක් නැහැ මේක කිව්වට. දැන් ඔය ඩඩ්ලි මහත්තයාගේ කාර් එක ගැන හැමෝම කතා වුණානේ. අපේ බැරිද අංක තහඩුවට ඩඩ්ලි කියලා නම ගහලම ගන්න.”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් – ප්‍රියන්තා දිසානායක,
“පුළුවන් සර්. අපිට ඒක කරන්න පුළුවන්. අපි ඇත්තටම ඒ ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දෙන්න සැලසුම් කරගෙන යනවා. සිස්ටම් එක අප්ඩේට් කරපු ගමන් අපි ඒ වගේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකකට යන්න බලාපොරොත්තු වෙනවා.”

මෙම නව වැඩසටහන ක්‍රියාත්මක වීමෙන් වාහන ලියාපදිංචි ක්‍රමවේදය තවත් නවීනීකරණය වන අතර, පාරිභෝගිකයන්ට පුද්ගලීකරණය කළ අංක තහඩු ලබාගැනීමටද අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button