ප්‍රධාන පුවත්

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය හෙළිවේ – රතු නාඩු සිට කීරි සම්බා දක්වා නව වාර්තාව

කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන කිහිපයක් එක්ව සකස් කළ නව වාර්තාවට අනුව වී කිලෝවක නිෂ්පාදන පිරිවැය පිළිබඳ නිල තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ.

අනුරාධපුරයේ පැවති විශේෂ ගොවි හමුවකදී කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ, යල කන්නයේ වී වගාවට අදාළ මෙම පිරිවැය වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිපර්යේෂණ හා පුහුණු ආයතනය එක්ව සකස් කළ බවයි.

එම වාර්තාවට අනුව රතු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 76ක් වන අතර, සුදු නාඩු සඳහා එය රුපියල් 87ක් ලෙස ගණනය කර ඇත. සම්බා වී කිලෝවක පිරිවැය රුපියල් 97ක් වන අතර, කීරි සම්බා වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 119ක් බව ද වාර්තාවේ සඳහන් වේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ගොවි සංවිධාන දිගු කලක් ඉල්ලා සිටි පරිදි වී නිෂ්පාදන පිරිවැයට සියයට 30ක ලාභයක් එකතු කර අස්වැන්න සඳහා සාධාරණ සහතික මිලක් නියම කිරීමේ ප්‍රතිපත්තිය රජය මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.

තවද හෙක්ටයාරයකට රුපියල් 30,000ක පොහොර සහනාධාරය ද මෙම පිරිවැය ගණනයට ඇතුළත් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, අර්තාපල්, ලොකු ලූණු, පාන් පිටි, හාල් සහ බාස්මතී වැනි ආහාර ද්‍රව්‍ය තවමත් විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුවීම කෘෂිකාර්මික අංශය මුහුණ දෙන අභියෝගයක් බව ද පෙන්වා දුන්නේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button