
කෝටි 6ක හෙරොයින් කිරිබත්ගොඩින්
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සමඟ තායිලන්ත ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
කිරිබත්ගොඩ ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කළ විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍යවල වෙළඳ වටිනාකම රුපියල් කෝටි 6කට ආසන්න වන බවද අනාවරණය වී තිබේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ‘ඩුබායි දිල්රුක්’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. එම මත්ද්‍රව්‍ය තායිලන්ත ජාතිකයෙකු මාර්ගයෙන් ගුවන් මගින් මෙරටට රැගෙන ආ බවට සැක පළ කෙරේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන, කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාගේ උපදෙස් මත, කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරනු ලබයි.



