ප්‍රධාන පුවත්

මානසික සෞඛ්‍ය පනත කඩිනමින්

මානසික සෞඛ්‍ය පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට වසර 100ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙරට මානසික සෞඛ්‍ය සේවාව මේ වන විට වැදගත් හැරවුම් මොහොතක පවතින බවත්, ශ්‍රී ලංකාවේ පවතින මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය වසර සියයකට ආසන්න කාලයකට පෙර සකස් කළ එකක් බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

ඒ අනුව, මානසික සෞඛ්‍ය පනත නව්‍යකරණය කර කඩිනමින් ගෙන ඒම සඳහා මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එය සංකීර්ණ කාර්යයක් වුවද, පනත් කෙටුම්පත් සම්බන්ධ මූලික කටයුතු දැනටමත් පාර්ලිමේන්තුවට හා කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවත්, ඉදිරියේදී ජනතා අදහස් ලබා ගැනීම සඳහා එම කෙටුම්පත් මහජන විමසීමකට යොමු කිරීමට කටයුතු කරන බවත් වෛද්‍ය හංසක විජේමුණි මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button