
ප්‍රධාන පුවත්
ඩොලර් 600,000ක ව්‍යාජ නෝට්ටු සමග 4ක් දැලේ
අමෙරිකානු ඩොලර් 600,000ක වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් තොරතුරු අනුව, කොළඹ නගරයේ ප්රමුඛ පෙළේ හෝටලයකදී සිදුකළ වැටලීමකදී සැකකරුවන් මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලීසිය සඳහන් කළේය.



