ප්‍රධාන පුවත්

මාස 5කදී රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 3.9ක ආදායමක්

2026 වසරේ මුල් මාස පහ තුළ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති මුළු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.9 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලින් අනාවරණය වී තිබේ.

එම වාර්තාවට අනුව, 2026 මැයි මාසයේදී පමණක් මෙරටට ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 847කි.

2025 වසරේ මැයි මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 641.7ක ප්‍රේෂණ ආදායම සමඟ සැසඳීමේදී, මෙම වසරේ මැයි මාසයේදී ඩොලර් මිලියන 205.3ක සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ලැබේ.

තවද, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබුණු සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.90ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය පසුගිය වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව සියයට 26ක වැඩිවීමක් ලෙස සටහන් වී ඇත.

මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ තවදුරටත් ප්‍රධාන දායකත්වයක් ලබාදෙන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button