
ඩෙංගු මර්ධන විශේෂ මෙහෙයුම අද සිට
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දින තුනක විශේෂ මර්ධන වැඩසටහනක් අද (08) සිට ආරම්භ කර ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
අද, හෙට සහ අනිද්දා දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 12ක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 72ක් කේන්ද්‍ර කරගෙන සිදු කෙරේ.
ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති ප්‍රදේශ හඳුනාගෙන මදුරු බෝවන ස්ථාන පරීක්ෂා කිරීම, ජනතාව දැනුවත් කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණු අතර වේ.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නවතම සංඛ්‍යා ලේඛන අනුව පසුගිය ජුනි 5 වනදා වනවිට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 36,168 දෙනෙකු වාර්තා වී තිබේ. එහි වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලින්ද සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත.
මේ අතර, මෙම වසර තුළ ඩෙංගු ආශ්රිත මරණ 20ක් වාර්තා වී ඇති අතර, එම මරණ අතර කුඩා දරුවන් තිදෙනෙකුද සිටින බව සඳහන් වේ.



