
අදත් ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (08) දිනයේද වැසි සහ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසිද වාර්තා විය හැකි බව සඳහන් වේ.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් අපේක්ෂා කරන අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරුමැද පළාත් මෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකි බවද කාලගුණ අංශ පෙන්වා දෙයි.
සෙසු ප්රදේශවලද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක තද සුළං ඇතිවීමේ හැකියාව පවතී. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ හදිසි සුළං තත්ත්වයන් හේතුවෙන් අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.



