ප්‍රධාන පුවත්

විදුලි සේවකයින් රාජකාරි පැහැර හරින්නේ නම් දැඩි විනය ක්‍රියාමාර්ග – නව විදුලි සමාගම් අනතුරු අඟවයි

විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තමන්ට පැවරී ඇති රාජකාරි සාමාන්‍ය පරිදි ඉටු කරන ලෙස විදුලි සේවකයින්ට නව සමාගම් දෙකක් දැනුම්දී තිබේ.

එම දැනුම්දීම නිකුත් කර ඇත්තේ Electricity Distribution Lanka (Private) Limited සහ National Transmission Network Service Provider (Private) Limited යන සමාගම් විසිනි.

ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, විදුලිබල සැපයුමට අදාළ සියලු සේවාවන් ගැසට් නිවේදනයක් මඟින් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් එම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු සේවකයින් කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම රාජකාරි ඉටු කිරීම පැහැර හැරීම අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතේ බරපතළ වරදක් ලෙස සැලකෙන බැවින් එවැනි අවස්ථාවලදී දැඩි විනය ක්‍රියාමාර්ග ගනු ලබන බවද එම සමාගම් අවධාරණය කර ඇත.

ඒ අනුව විදුලිබල සැපයුම් පද්ධතිය තුළ තමන්ට පැවරී ඇති සියලු රාජකාරි වහාම ඉටු කරන ලෙස සේවකයින් වෙත තවදුරටත් දැනුම්දී තිබේ.

එමෙන්ම සියලු සේවකයින් වෙත නව පත්වීම් ලබාදීම සඳහා මේ වනවිට කටයුතු සිදු කරමින් පවතින අතර ඉදිරියේදී ඒවා ලබාදීමට පියවර ගන්නා බවද අදාළ නිවේදනවල සඳහන් වේ.

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button