ප්‍රධාන පුවත්

මැදපෙරදිග උණුසුම අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළ තුළ ඉතා වේගයෙන් ඉහළ ගොස් තිබූ බොරතෙල් මිල මේ වනවිට පහළ යාමක් පෙන්නුම් කරමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2022 වසරේ ජූලි මාසයෙන් පසු පළමු වතාවට සඳුදා දිනයේදී බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබූ අතර එය උපරිම ලෙස ඩොලර් 119 දක්වා ඉහළ ගොස් තිබුණි. මැදපෙරදිග කලාපයේ උණුසුම් යුද තත්ත්වය ඉහළ යාම එම මිල වැඩිවීමට ප්‍රධාන හේතුව ලෙස සැලකේ.

එවැනි පසුබිමක, යුද්ධය ඉතා ඉක්මනින් අවසන් විය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ කළ ප්‍රකාශයත් සමඟ බොරතෙල් වෙළෙඳපොළේ යම් පහළ යාමක් දක්නට ලැබී තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 දක්වා පහළ ගොස් ඇති අතර එය සම්පූර්ණයෙන්ම සලකා බැලීමේදී සම්මතයෙන් සියයට 8ක පමණ අඩුවීමක් ලෙස වාර්තා වේ.

මෙම අතර අද උදෑසන ආසියානු වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වන විට, පසුගිය දින කිහිපය තුළ ඉරාන යුද්ධය හේතුවෙන් පවතින දැඩි අස්ථාවරත්වයෙන් පසුව තෙල් මිල සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතින බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අද උදෑසන වනවිට ඇමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.35ක් පමණ ලෙස වාර්තා වන අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.88ක් පමණ වන බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button