
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව, මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 92,854 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 52.95%ක් එනම් රෝගීන් 49,163 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 19,778කි. එය සමස්ත රෝගීන්ගෙන් 21.30%කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,433ක් (19.85%) සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,695ක් (7.21%) වාර්තා වී තිබේ.
මාසිකව සැලකීමේදී මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් පසුගිය ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,964කි. අගෝස්තු මාසයේ ගත වූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7,516 දෙනෙකු හඳුනාගෙන ඇත.
මේ අතර සෞඛ්‍ය අංශ විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.



