ප්‍රධාන පුවත්

අධිවේගී මාර්ගයේ ආසනපටි සැප්තැම්බරයේ සිට අනිවාර්යයි

අධිවේගී මාර්ගයේ ආසනපටි පැලඳීම සැප්තැම්බර් 19 වනදා සිට සියලුම වාහනවල රියදුරන් සහ මගීන් සඳහා අනිවාර්ය කරන බව පොලීසිය පවසයි.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ අධිවේගී මාර්ගයේ ආසනපටි පැලඳීම සම්බන්ධ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව, අධිවේගී මාර්ගයේ ආසනපටි නොපැලඳ ගමන් කරන පුද්ගලයෙකුට රුපියල් 1,000ක දඩ මුදලක් පැනවිය හැකි බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.

අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථවල ආසනපටි නොපැලඳ සිටින මගීන්ගෙන්ද අදාළ දඩ මුදල අයකර ගැනීමට නීතිමය හැකියාව පවතින බව ඔහු සඳහන් කළේය.

ජනතාව අධිවේගී මාර්ගයේ ආසනපටි පැලඳීමේ අවශ්‍යතාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, රිය අනතුරුවලදී ආසනපටි නොපැලඳීම හේතුවෙන් සිදුවන ජීවිත හානි ඉහළ යමින් පවතින බවත් මනෝජ් රණගල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ අතර, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ ආසනපටි නොමැති වාහන සඳහා ඒවා සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලයද සැප්තැම්බර් 19 වනදා අවසන් වන බවයි.

2025 සැප්තැම්බර් 25 වනදා නිකුත් කළ අංක 2455/29 දරන ගැසට් නිවේදනය අනුව අධිවේගී මාර්ගයේ ආසනපටි පැලඳීමේ නීතිය සියලු වාහන සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button