උණුසුම් පුවත්

සියලු ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග සියල්ලේම මිල සංශෝධනය කරමින් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 392ක් ලෙස සඳහන් වෙයි.

සුපිරි ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 15ක මිල වැඩිවීමක් සිදුකර ඇති අතර එහි නව මිල රුපියල් 458ක් බව දැනුම්දී ඇත.

එසේම, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 470ක් වේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නංවා ඇති අතර එය රුපියල් 410ක් දක්වා සංශෝධනය කර තිබේ.

ලංකා භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 10කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 265ක් ලෙස ක්‍රියාත්මක වේ.

මෙම නව මිල සංශෝධන අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button