ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ජපාන දූත කණ්ඩායමක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජපානයෙන් පැමිණි 11 දෙනෙකුගෙන් සමන්විත දූත කණ්ඩායමක් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණියේය.

මෙම සංචාරය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක සමාගමක් වන Connaissance De Ceylan ආයතනයේ සම්බන්ධීකරණයෙන් බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ජන ඉතිහාසය, බුදුදහමේ ආගමනය හා එහි විකාශනය, පාරම්පරික සංස්කෘතිය, ආයුර්වේද පද්ධතිය, සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, ආහාර සංස්කෘතිය සහ ආර්ථික බෝග වගා ආදී කරුණු පිළිබඳව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් වැඩි අවබෝධයක් ලබා ගැනීම මෙම ජපාන නියෝජිත පිරිසේ ප්‍රධාන අරමුණ වී තිබේ.

එහිදී දෙරට අතර සංචාරක කර්මාන්තය වඩාත් ශක්තිමත් කිරීමට කළ හැකි මැදිහත්වීම් පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ පිළිබඳ තමන් ලබාගත් දැනුම ජපානයේ ජනතාව සමඟ බෙදාහදා ගැනීමටද ඔවුන් සූදානම් බව සඳහන් කළහ.

ඒ අනුව, ජපානය තුළ ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, කොළඹ, අනුරාධපුරය, සීගිරිය, මහියංගණය සහ මහනුවර වැනි ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ජාත්‍යන්තරයට හඳුන්වාදීම වැනි කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

ජනාධිපති කාර්යාලය නැරඹීමට අමතරව, මෙම ජපාන දූත කණ්ඩායම සපුගස්කන්ද පුරාණ විහාරය, මිහින්තලය, අනුරාධපුරය, සීගිරිය, දඹාන, මල්වතු මහා විහාරය සහ කොළඹ වරාය නගරය ඇතුළු සුවිශේෂී ස්ථාන කිහිපයක්ද නැරඹීමට එක්වූ බව වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button