ප්‍රධාන පුවත්

රත්නපුරේ රාජ්‍ය විධායක නිලධාරීන්ට AI වැඩමුළුවක්

කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳව රාජ්‍ය විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පසුගිය 12 වනදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රාජ්‍ය සේවය තවත් ඵලදායී සහ කාර්යක්ෂම සේවාවක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කර ඇති බවයි.

‘AI for Transforming Public Service’ යන තේමාව යටතේ මෙම වැඩමුළුව ජනාධිපති ලේකම් කාර්යාලය හා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, සබරගමුව පළාත් සභාව විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහාය ඇතිව සංවිධානය කර තිබුණි. එයට සබරගමුව පළාතේ විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සමගාමීව, කෘත්‍රිම බුද්ධිය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම, එය භාවිතා කිරීමට ඔවුන් සූදානම් කිරීම සහ AI පිළිබඳ ධනාත්මක ආකල්පයක් රාජ්‍ය සේවය තුළ ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ වූ බව ද සඳහන් වේ.

මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකයන් ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) හිටපු අධ්‍යක්ෂවරුන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ මහත්වරු සහභාගී වී තිබේ. ඔවුන් ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක වන ඩිජිටල් හා කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ධාරිතා සංවර්ධන වැඩසටහන්වල සම්පත්දායකයන් ලෙසද කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button