
ප්‍රධාන පුවත්
විමල් වීරවංශ අධිකරණයට පැමිණෙයි – පැමිණිල්ල අද යළි සලකා බැලේ
විමල් වීරවංශ අධිකරණයට පැමිණීමට හේතුව
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (12) උදෑසන අභියාචනාධිකරණය වෙත පැමිණියේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අදාළ පැමිණිල්ල අද දිනයේදී අභියාචනාධිකරණය හමුවේ නැවත සලකා බැලීමට නියමිතව තිබේ.
එම පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස විමල් වීරවංශ මහතා නම් කර ඇති අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අද දිනයේදී අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව, අදාළ නඩු කටයුත්තට සහභාගී වීම සඳහා හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයට පැමිණ සිටියේය.



