ප්‍රධාන පුවත්

විදෙස් දුම්වැටි 75,900ක් සමඟ චීන ජාතිකයින් 6ක් කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී භාණ්ඩ ආනයනයට එරෙහිව ගුවන්තොටුපොළ රේගුව සිදු කරන දැඩි පරීක්ෂණ හමුවේ තවත් චීන ජාතිකයින් පිරිසක් දුම්වැටි තොගයක් සමඟ අත්අඩංගුවට පත්වී ඇත.

නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ චීන ජාතිකයින් 6 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හිදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් යානා තුනකින් අද (16) අලුයම දිවයිනට පැමිණි මෙම පිරිස පරීක්ෂා කිරීමේදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම වැටලීම සිදු කර ඇත.

ඔවුන් රැගෙන ආ ගමන් මළු තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 75,900ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂ අසූ පන් දහසක් පමණ වන බවද සඳහන් වේ.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button