
ප්‍රධාන පුවත්
යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කළ සිසුන් දෙදෙනා බිහිසුණු අනතුරකින් බරපතළ තුවාල
මඩකලපුව – කල්මුණේ පැරණි මාර්ගයේ නාවට්කුඩා දේවස්ථානය අසල සිදුවූ බිහිසුණු රථ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, නාවට්කුඩා ප්‍රදේශයේ අතුරු මාර්ගයක අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදියක් පාලනයෙන් ඉවතට ගොස් මාර්ගයෙන් පිටතට පැන ගොඩනැඟිල්ලක බිත්තියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබූ සිසුන් දෙදෙනා මුලින් කාත්තන්කුඩි මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත මාරු කර තිබේ.
එම සිසුන් යතුරුපැදියෙන් ගමන් කරන අවස්ථාවේ හිස් ආවරණ (හෙල්මට්) නොපැලඳ සිටීම හේතුවෙන් බරපතළ තුවාල සිදුව ඇති බව පොලීසිය තවදුරටත් පෙන්වා දෙයි.
මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කාත්තන්කුඩි රථවාහන පොලීසිය විසින් සිදු කරගෙන යයි.



