
විජිත හේරත් – බෙලරුස් ජනපති හමුවක්
බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (14) එරට ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වී තිබේ.
එහිදී දෙරට අතර පවතින ආර්ථික සබඳතා තවමත් නිෂ්පාදන කාණ්ඩ කිහිපයකට පමණක් සීමා වී ඇති බව බෙලරුස් ජනපතිවරයා පෙන්වා දී ඇති අතර, එම සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.
වෙළෙඳ, කර්මාන්ත, කෘෂිකර්ම, අධ්‍යාපන සහ දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම සඳහා දෙපාර්ශවයටම ප්රතිලාභ සැලසෙන ආකාරයේ පැහැදිලි මාර්ග සිතියමක් සකස් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් විය හැකි සහයෝගීතා අවස්ථා සොයාබැලීම සඳහා දෙරටේ රාජ්‍ය නියෝජිතයන්ගේ මැදිහත්වීම යටතේ ඉදිරි කටයුතු සිදුකිරීමටද එකඟතාව පළකර ඇත.
ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර මේ වනවිට ජාත්‍යන්තර නීතිමය ගිවිසුම් 8කට අත්සන් තබා ඇති අතර, වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව සම්බන්ධ ඒකාබද්ධ කොමිසමක්ද ක්‍රියාත්මක වෙයි.
පසුගිය වසරේ දෙරට අතර වෙළෙඳාම අමෙරිකානු ඩොලර් මිලියන 23.6ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 2024 වසරට සාපේක්ෂව 227%ක වර්ධනයක් බව සඳහන් වේ.
මෙම වසර ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 25ක් සම්පූර්ණ වන වසරක් ලෙසද සැලකේ.



