
ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 අවසන් දිනයයි
ආදායම් බදු වාර්තා 2025/2026 තක්සේරු වර්ෂය සඳහා නොවැම්බර් 30 වනදාට පෙර ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ආදායම් බදු සඳහා ලියාපදිංචි වී සිටින පුද්ගලයන් අදාළ කාලසීමාව තුළ සිය බදු වාර්තා ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. නියමිත දිනයට පෙර වාර්තා භාරදීමෙන් අවසන් මොහොතේ ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගත හැකි බවද පෙන්වා දී තිබේ.
අදාළ තක්සේරු වර්ෂය සඳහා බදු වාර්තා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීමේ පහසුකම සලසා ඇත.
බදු වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීම් අවශ්‍ය පුද්ගලයන්ට 1944 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.
එමෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.ird.gov.lk/ වෙත පිවිසීමෙන් ද අදාළ තොරතුරු ලබාගැනීමට හැකියාව පවතී.



