උණුසුම් පුවත්

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස ASP රොහාන් ඕලුගල පත් කරයි

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය දැනුම් දී ඇත.

දැනට ඔහු දරණ තනතුරට අමතරව, විශේෂ කාර්ය බළකායට අනුයුක්තව මුළු දිවයිනම ආවරණය වන පරිදි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාලයන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීම් සිදු කිරීම සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසද ඔහු කටයුතු කිරීමට නියමිතය.

ප්‍රධාන පෙළේ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා දේශීය මෙන්ම අන්තර්ජාතික මට්ටමින් පොලිස් මෙහෙයුම් රැසක් මෙහෙයවීමටද ASP රොහාන් ඕලුගල මහතා දායක වී ඇත.

ඔහු විසින් අති සාර්ථකව ක්‍රියාත්මක කළ ආසන්නතම මෙහෙයුම් අතර, කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමත්, සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගැනීමත් විශේෂයෙන් සඳහන් කළ හැකිය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button