ප්‍රධාන පුවත්

ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රු.20කින් ඉහළට – IOC සහ සයිනොපෙක් මිල සංශෝධනය කරයි

ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රු.20කින් ඉහළට ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව, එම සමාගම්වල ඉන්ධන පිරවුම්හල්වලින් අලෙවි කරන ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495ක් දක්වා ඉහළ ගොස් ඇත.

ලංකා IOC සමාගම මෙම මිල සංශෝධනය ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කර ඇති අතර, ඊට සමගාමීව සයිනොපෙක් සමාගමද ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

මිල සංශෝධනයට පෙර ලංකා IOC පිරවුම්හල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල පැවතියේ රුපියල් 475ක් ලෙසය.

ඒ අනුව, සමාගම් දෙකෙහිම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ ගොස් ඇති අතර, නව මිල රුපියල් 495ක් ලෙස සටහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button