ප්‍රධාන පුවත්

හන්තාන සඳගිරි සෑයේ පූජා භාණ්ඩ සොරකම් කරලා

මහනුවර හන්තාන ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සඳගිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භ මන්දිරයට අලාභහානි සිදුකර පූජා භාණ්ඩ රැසක් සොරකම් කර ඇති බව වාර්තා වෙයි.

විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් පවසන්නේ අද (23) උදෑසන මෙම සිද්ධිය පිළිබඳව දැනගත් වහාම පොලීසිය සහ ආරක්ෂක අංශ දැනුවත් කළ බවය.

අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් ගර්භ මන්දිරයට පිවිසෙන ප්‍රධාන දොරටු කිහිපයක ලොක් කඩා ඇතුළු වී ඇති අතර, එහි තැන්පත් කර තිබූ රන් මාල, මැණික් ගල් සහ බැතිමතුන් විසින් පූජා කරන ලද වටිනා භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් තිබේ.

විහාරාධිපති හිමියන් සඳහන් කළේ සර්වඥ ධාතූන් වහන්සේ ආරක්ෂිතව පැවතීම පිළිබඳව තමන්ට විශේෂ සැලකිල්ලක් තිබූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button