අද විශේෂ

ජපුර රෝහලේ ජනපති විශේෂ කාමරය අද සිට රෝගීන්ට ප්‍රතිකාර සඳහා විවෘතයි

මෙතෙක් කාලයක් විධායක ජනාධිපතිවරයාගේ පෞද්ගලික භාවිතය සඳහා වෙන් කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂ කාමරය අද (24) සිට සාමාන්‍ය ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිතයට ලබාදී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජපාන රජයේ ආධාරයෙන් 1984 වසරේ ඉදිකරන ලද ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ආරම්භ වූයේ ඇඳන් 1000ක ධාරිතාවයකිනි. එම මුල් සැලසුමට අමතරව, ජනාධිපතිවරයාගේ විශේෂ භාවිතය සඳහා අංක 1001 ලෙස මෙම කාමරය එක් කර තිබුණි.

කෙසේ වෙතත්, පසුගිය වසර 42ක කාලය තුළ මෙම කාමරය භාවිතයට ගෙන ඇත්තේ ඉතා සීමිත අවස්ථා කිහිපයකදී පමණක් වන අතර, ජනාධිපතිවරයෙකුගේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් එය දිගු කාලයක් පුරා රෝගීන්ට ලබා නොදී නඩත්තු කරමින් පවත්වාගෙන ගොස් ඇත.

වත්මන් රජයේ රාජ්‍ය සම්පත් ජනතා ප්‍රයෝජනය සඳහා කාර්යක්ෂමව යොදා ගැනීමේ ප්‍රතිපත්තිය යටතේ, මෙම විශේෂ කාමරය අද සිට රෝහලේ ප්‍රතිකාර ලබන සාමාන්‍ය රෝගීන්ට භාවිතයට ලබාදීමට තීරණය කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button