උණුසුම් පුවත්

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට – 12.5kg සිලින්ඩරය රු.300කින් වැඩි වෙයි, නව මිල රු.3990

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

එම සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 3990ක් ලෙස නියම කර ඇත.

එසේම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1602ක් වේ.

තවද කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 56කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 750ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button