උණුසුම් පුවත්

ලාෆ්ස් ගෑස් මිල ඉහළට – කිලෝ 12.5 සිලින්ඩරය රු. 6,740ක් වෙයි

ලාෆ්ස් ගෑස් මිල ඉහළට යාමත් සමඟ එම සමාගම විසින් අලෙවි කරනු ලබන ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

 

ජාත්‍යන්තර වෙළෙඳපොළේ එල්.පී. ගෑස් (LPG) මිල ගණන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම මිල සංශෝධනය සිදුකර ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව සංශෝධිත මිල ගණන් අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

 

නව මිල සංශෝධනය යටතේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා තිබේ. ඒ අනුව එහි පැවති රුපියල් 4,965ක මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ යනු ඇත.

 

එසේම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 732කින් වැඩි කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 2,720ක් වන අතර, මීට පෙර එම සිලින්ඩරය රුපියල් 1,988ක මිලකට අලෙවි කෙරිණි.

 

මෙම මිල සංශෝධනයත් සමඟ ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට නව මිල ගණන් යටතේ ගෑස් මිලදී ගැනීමට සිදුවනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button