
නේපාල ගංවතුරින් අතුරුදන් වූ විදේශිකයින් අතර ශ්‍රී ලාංකිකයින් නැහැ
නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ විදේශිකයින් අතර කිසිඳු ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව නේපාල සංචාරක මණ්ඩලය තහවුරු කර තිබේ.
නේපාල සංචාරක මණ්ඩලය නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් කර ඇති අතර, එහි දැක්වෙන දත්ත අනුව රටවල් 32කට අයත් විදේශිකයින් 517 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව සිටී.
නේපාල ගංවතුරින් පුද්ගලයින් 644ක් අතුරුදන්
නේපාල ගංවතුර ඇතුළු මෙම ආපදා තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 644ක් බව වාර්තාවේ සඳහන් වේ.
ඒ අතර නේපාල ජාතිකයින් 127 දෙනෙකු සිටින බවද නේපාල සංචාරක මණ්ඩලය පෙන්වා දෙයි.
නේපාල ගංවතුරින් ඉන්දියානුවන් 178ක් අතුරුදන්
අතුරුදන් වූ විදේශිකයින් අතරින් වැඩිම පිරිසක් ඉන්දියානු ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 178කි.
එමෙන්ම අමෙරිකානු ජාතිකයින් 65ක්, යුක්‍රේන ජාතිකයින් 53ක්, මැලේසියානු ජාතිකයින් 51ක් හා ඕස්ට්‍රේලියානු ජාතිකයින් 35ක් ද අතුරුදන්ව සිටින බව වාර්තාවේ දැක්වේ.
බ්‍රිතාන්‍ය හා කැනඩා ජාතිකයිනුත් ඒ අතර
බ්‍රිතාන්‍ය ජාතිකයින් 33ක් සහ කැනේඩියානු ජාතිකයින් 25ක් ද අතුරුදන් වූ විදේශිකයින් අතර සිටින බව සඳහන්.
තවද සිංගප්පූරු ජාතිකයින් 9ක්, ජර්මානු ජාතිකයින් 8ක්, රුසියානු ජාතිකයින් 8ක්, ලැට්වියානු ජාතිකයින් 6ක් සහ දකුණු අප්‍රිකානු ජාතිකයින් 6ක් ද අතුරුදන්ව තිබේ.
ජපාන ජාතිකයින් 5ක්, නවසීලන්ත ජාතිකයින් 5ක්, ප්‍රංශ ජාතිකයින් 4ක්, බෙල්ජියම් ජාතිකයින් 3ක් හා ස්පාඤ්ඤ ජාතිකයින් 3ක් ද ඒ අතර සිටින බව නවතම වාර්තාවේ දැක්වේ.
රටවල් කිහිපයකින් දෙදෙනා බැගින්
ඉතාලිය, අයර්ලන්තය, කසකස්ථානය, නෙදර්ලන්තය සහ පෘතුගාලය යන රටවලින් පුද්ගලයින් දෙදෙනා බැගින් ද අතුරුදන්ව සිටින බව සඳහන්.
බෙලරුස්, බල්ගේරියාව, ෆින්ලන්තය, හංගේරියාව, ඊශ්‍රායලය, ලිතුවේනියාව, පිලිපීනය, සර්බියාව, ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය යන රටවලින් එක් අයෙකු බැගින් ද අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
අතුරුදන් වූ සියලු දෙනා සෙවීමේ මෙහෙයුම් සහ සහන සැලසීමේ කටයුතු ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් එක්ව මේ වන විටත් සක්‍රියව සිදු කරමින් පවතින බව නේපාල සංචාරක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.



