ප්‍රධාන පුවත්

වතුර බෝතල් වැඩිමිලට විකිණීමට ලක්ෂ 9ක දඩයක්

වතුර බෝතල් වැඩිමිලට විකිණීමට යාපනයේ ආපනශාලාවකට රුපියල් 950,000ක දඩයක්

වතුර බෝතල් වැඩිමිලට විකිණීම සම්බන්ධයෙන් යාපනයේ ආපනශාලාවකට රුපියල් 950,000ක දඩයක් නියම කිරීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් සිදුකළ වැටලීමකදී මෙම වැඩිමිලට අලෙවි කිරීම අනාවරණය වී ඇත.

එහිදී රුපියල් 120ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබූ ලීටර් එකක බෝතල් කළ පානීය ජල බෝතලයක් රුපියල් 200කට පාරිභෝගිකයෙකුට අලෙවි කර තිබූ බව හෙළි වී තිබේ.

ඒ අනුව අදාළ ආයතනයට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර, පසුගිය 25 වැනිදා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩ මුදල නියම කර ඇත.

භාණ්ඩ මිලදී ගැනීමේදී එහි මුද්‍රිත මිල සහ නියමිත උපරිම සිල්ලර මිල පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම ගෙවන මුදලට අදාළ නිවැරදි බිල්පත ලබාගෙන එය සුරක්ෂිතව තබාගැනීමට කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.

නියමිත මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීමක් හෝ වෙනත් පාරිභෝගික නීති උල්ලංඝනයක් පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම්දෙන ලෙසද ජනතාවට දන්වා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button