ප්‍රධාන පුවත්

රු. ලක්ෂ 54ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග අයෙකු කටුනායකදී අත්අඩංගුවට

ඊයේ රාත්‍රියේ රුපියල් පනස් හතර ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

තල්දූව, ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

ඊයේ (28) රාත්‍රී 07.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් එම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

 

මොහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 36,000ක් අඩංගු දුම්වැටි කාටූන් 180ක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button