ප්‍රධාන පුවත්

රුමේෂ් තරංගට ජනපතිගෙන් සුබපැතුම්

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතිහාසගත ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ආසියානු ක්‍රීඩා උලෙළක හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංග වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් එක්කර තිබේ.

ජනාධිපතිවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ රුමේෂ් තරංගගේ මෙම ජයග්‍රහණය සමස්ත ශ්‍රී ලාංකික ජාතියම ආඩම්බරයට පත්කරන ඉතිහාසගත ජයග්‍රහණයක් බවයි.

ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමේ අරමුණ කරා යන රුමේෂ් තරංගගේ ඉදිරි ගමන සාර්ථක වේවායි සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගැනීමට අපේක්ෂා කරන සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button