
ප්‍රධාන පුවත්
පොලිස් නිෂ්කාශන සඳහා නව WhatsApp අංකයක්
පොලිස් නිෂ්කාශන WhatsApp අංකය ලෙස 071-8595950 යන නව දුරකථන අංකයක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී තිබේ.
පොලිස් නිෂ්කාශන අයදුම්පත් සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය තොරතුරු වඩාත් කාර්යක්ෂමව ලබාදීම සහ විමසීම් සිදුකිරීම පහසු කිරීම මෙහි අරමුණ වී ඇත.
ඒ අනුව, 2026 සැප්තැම්බර් 23 වැනිදා සිට පොලිස් නිෂ්කාශන අංශය වෙත WhatsApp හරහා පණිවිඩ යොමු කිරීමට මෙම නව පහසුකම ක්‍රියාත්මක කර තිබේ.
නව WhatsApp අංකය: 071-8595950
මෙම දුරකථන අංකය WhatsApp පණිවිඩ සඳහා පමණක් භාවිත කළ හැකි බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව, අයදුම්කරුවන්ට පොලිස් නිෂ්කාශන අංශය වෙත අවශ්‍ය තොරතුරු WhatsApp පණිවිඩ මඟින් යොමු කිරීමට මෙන්ම එම අංශය සමඟ පණිවිඩ හුවමාරු කර ගනිමින් අදාළ විමසීම් සිදුකිරීමටද අවස්ථාව සැලසේ.



