ප්‍රධාන පුවත්

22ට එරෙහි සජබ විරෝධතාව අද පෙරවරුවේ

22ට එරෙහි සජබ විරෝධතාව අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්දියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති මෙම උද්ඝෝෂණය පෙරවරු 9ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

ඒකාධිපති ගමනකට මුලපුරන බවට චෝදනා කරමින් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කිරීම මෙම විරෝධතාවයේ අරමුණ බව සමගි ජන බලවේගය පවසයි.

විරෝධතාවට සහභාගී වන ලෙස සියලු ජනතාවට ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය අද පැවැත්වීමට නියමිත විරෝධතාවට සහභාගී නොවීමට තීරණය කර තිබේ.

පවතින මතභේදාත්මක වාතාවරණය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක් පොදු වේදිකාවකට ගෙන එමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම සඳහා පුළුල් හා ශක්තිමත් මහජන බලයක් ගොඩනැගීම සිය අරමුණ වූ බව ද එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත්, අපේක්ෂිත ආකාරයෙන් විරෝධතාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ද ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button